2012 දී ආරම්භ කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය රටේ ජාතික සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක හා සුරක්ෂිතතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයයි.

වර්තමානයේදී මෙහි ක්‍රියාකාරකම්, සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සිදු කෙරේ. මෙහි කාර්යයන් මූලික කේෂ්ත්‍ර හතක් යටතේ පවත්වාගෙන යනු ලැබේ.

  • පාරිභෝගිකයාගේ / රෝගියාගේ තෘප්තිය.
  • කළමනාකරණ පද්ධතිය සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම.
  • සායනික කාර්යක්ෂමතාව.
  • අවදානම් කළමනාකරණය සහ සුරක්ෂීතතාව
  • ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා සුදුසු සංස්කෘතියක් නිර්මාණය කිරීම.
  • කාර්ය මණ්ඩල සංවර්ධනය හා සුභසාධනය.
  • තත්ත්ව ප්‍රවර්ධනය හා රෝගීන්ගේ සුරක්ෂිතතාව සඳහා පර්යේෂණ.

සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය සතුව රට පුරා විහිදුණු පුළුල් තත්ත්ව කළමනාකරණ ඒකක ජාලයක් ඇත. මූලික රෝහල් වර්ග බී සහ ඊට ඉහළින් පිහිටි රෝහල්වල සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල තත්ත්ව කලමනාකරණ ඒකක (QMU) පිහිටුවා ඇති අතර, එම ආයතනවල තත්ත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම ඒකක වල වගකීම වේ.