දැක්ම

ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රශස්ත ගුණාත්මකභාවයකින් හා සුරක්ෂිතභාවයකින් යුත් සෞඛ්‍ය සේවාවක් සැපයීම

මෙහෙවර

ජනතාවගේ අපේක්ෂා ඉටුකරමින්, සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීම් තුළින්, සෞඛ්‍ය ආරක්ෂණ හා සුරක්ෂිතතාව තහවුරු කර, අඛණ්ඩ වැඩිදියුණු කිරීම් හරහා, හැකි උපරිම ගුණාත්මකභාවයකින් යුතු, සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සේවා සැපයීමට අදාල ආයතන වලට මාර්ගෝපදේශ සැපයීම.

ඉලක්කය

ජනතාවගේ සෞඛ්‍ය නොවන අපේක්ෂාවන් සපුරාලමින් සායනික ඵලදායිතාව සහ රෝගී සුරක්ෂිත බව සහතික කරමින් සෞඛ්‍ය සේවයෙහි අඛණ්ඩව ගුණාත්මක වැඩි දියුණු කිරීම් පවත්වා ගැනීම.

අරමුණු

  • පාරිභෝගිකයාගේ වරණයන්, අපේක්ෂාවෙන් හා වටිනාකම් වලට ගරුකරම්න්, පාරිභෝගිකයන් අරමුණු කරගත් ආයතනික වටපිටාවක් තහවුරු කිරීම‍.
  • අඛණ්ඩ ගුණාත්මක වර්ධනයක් උදෙසා ඵලදායි කළමනාකරණ පද්ධති හා ක්‍රියාවලි ඇති කිරීම.
  • රෝගියාට උපරිම ප්‍රතිලාභයක් සැලසෙන පරිදි සාධක මත පදනම් වූ සදාචාරවත් සායනික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය.
  • රෝගීන් හා කාර්ය මණ්ඩලයෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඖෂධ, ක්‍රියාවලින් හා වෙනත් අහිතකර අවස්ථාවලින් ඇතිවන අවදානම අඩුකිරීම.
  • සෞඛ්‍ය ප්‍රවර්ධන හා පරිසර හිතකාමී සෞඛ්‍ය ආරක්‍ෂණ සංවිධානයක් පිහිටුවීමේදී වටිනාකම් බෙදාහදා ගැනීම තහවුරු කිරීම සඳහා ගුණාත්මකභාව ප්‍රවර්ධන උපක්‍රම අන්තර්ගත කිරීම.
  • සෞඛ්‍ය ආරක්ෂණයේ ඵලදායිතාව, ප්‍රමිතිය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම පිණිස නිපුණත්වයන් යුත්, නිරෝගී සහ තෘප්තිමත් ශ්‍රම බලකායක් වර්ධනය කිරීම.
  • තත්ත්වය ප්‍රවර්ධනය හා රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.