සාදරයෙන් පිළිගනිමු

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය

සාදරයෙන් පිළිගනිමු

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය

සාදරයෙන් පිළිගනිමු

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය

සාදරයෙන් පිළිගනිමු

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය

සාදරයෙන් පිළිගනිමු

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය

previous arrow
next arrow
Slider

නවතම පුවත්

ඉදිරි වැඩසටහන්

කාර්ය සාධන සමාලෝචන රැස්වීම්

සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින්, රේඛීය අමාත්‍යාංශය සහ පළාත් අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් වල ( මූලික රෝහල් B කාණ්ඩය සහ ඉන් ඉහළ රෝහල්) සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ කාර්ය සාධන සමාලෝචන රැස්වීමක් (වසරකට දෙවරක්) පවත්වනු ලැබේ.

වැඩිදුරටත්

පුරවැසි සහභාගීත්වය සහ රෝගියාගේ ප්‍රතිපෝෂණය

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ උපාය මාර්ග ලෙස පුරවැසියන්ගේ සහභාගීත්වය සහ රෝගී පෝෂණ ලබාගැනීම පිළිගැනේ.

දැනට ප්‍රජා සහභාගීත්වය සහ පුරවැසියන්ගේ සහභාගීත්වය රෝහල් සංවර්ධන කමිටු තුළින් ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතිය තුළ ආයතනගත කර ඇත. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘සෞඛ්‍ය සේවකයින්ගේ මිතුරන්’ ලෙස ආකෘතියක් වැඩිදියුණු කර ඇත.

රෝගීන්ගේ අත්දැකීම්/රෝගීන්ගේ තෘප්තිමත්බව, සමීක්ෂණ මගින් සහ රෝගීන්ගෙන් ලැබෙන යෝජනා (යෝජනා පෙට්ටි) ආකාරයෙන් රෝගීන්ගේ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට රෝහල් දිරිමත් කරන අතර ඒවා සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක හා සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලයෙහි කාර්ය සාධන සමාලෝචන වලදී සමාලෝචනය කෙරේ.

වැඩිදුරටත්

ප්‍රාථමික සත්කාර ආයතනවල තත්ත්ව අධීක්ෂණය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි මූලික පරමාර්ථය වී ඇත්තේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම, එය නොමිලේ ලබා දීම සහ රටපුරා සාධාරණ ආවරණයක් සහතික කිරීමයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය පද්ධතිය, රට මුහුණදෙන ජන විකාශන, වසංගත හා සමාජ සංක්‍රාන්ති යන නව අභියෝගයන්ට මුහුණ දෙයි.

වැඩිදුරටත්

නිතර අසන ප‍්‍රශ්න - කොවිඞ්-19 සහ ගර්භණී භාවය

කොවිඞ්-19 නිසා ගර්භණී සමය තුළ මට වැඩි අවදානමක් තිබේද?

ගර්භණී මව්වරුන් කොවිඞ්-19 ආසාදනය සඳහා වැඩි අවදානම් කණ්ඩායමක් වශයෙන් සැලකේ.
කොවිඞ්-19 වැළඳීම සඳහා ගර්භණී මව්වරුන්ට වැඩි අවදානමක් නොමැත. එහෙත් කොවිඞ් ආසාදිත ගර්භණී මව්වරු සංකූලතා ඇතිවීමට සහ දැඩි සත්කාර ඒකකවලට ඇතුළුවීමට සිදුවීමද ඇතුළු සංකීර්ණ වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වීමට තුන් ගුණයක සිට පස් ගුණයක් දක්වා වැඩි අවදානමක් දක්වති.
 
ගර්භණී සමය තුළ මට කොවිඞ්-19 වැළඳුනොත් එය මගේ දරුවාට හානි කර විය හැකිද?
 
ගර්භණී සමයේ දරුවාට ආසාදනය පැතිරීමට ඇති ඉඩ අඩුය. එහෙත් ගැබිණි සමයේ කොවිඞ්-19 ආසාදනය වූ මව්වරුන්ට ඉපදුන දරුවන් නොමේරු දරූ උපත් සහ අනෙකුත් සංකූලතා වලට වැඩිපුර ගොදුරු වී ඇත.
 
ගර්භණී සමය තුල කොවිඞ්-19 රෝගයෙන් ආරඏාවී නිරෝගීව සිටීමට කළ යුත්තේ මොනවාද?
 
x නිවස තුළටම වී සිටින්න. අතිශයින්ම නොවැළැක්විය හැකි අත්‍යාවශ්‍යම කරුණකට හැර නිවසින් බැහැරව නොයන්න.
x කොවිඞ්-19 එන්නත ලබා ගන්න.
x ඔබට නිවසින් බැහැරව යෑමට සිදු වුවහොත් එම කාලය පුරාවට නාසය සහ මුඛය මුළුමනින්ම වැසෙන පරිදි මුව ආවරණයක් පැළඳ සිටින්න. නැවත නිවසට පැමිණෙන තෙක් එය ඇල්ලීමෙන් හෝ ඉවත් කිරීමෙන් වළකින්න.
x නිවසින් බැහැරව ගිය පසු මුඛය, නාසය හෝ ඇස් ඇල්ලීමෙන් වළකින්න.
x කිසිසේත්ම නොවැළැක්විය හැකි අත්‍යාවශ්‍ය කරුණකට හැර අන් පුද්ගලයන් මුණ ගැසීමෙන් වළකින්න.
x ශාරීරික දුරස්ථභාවය සැමවිටම පවත්වා ගන්න. එය කිසිසේත් මීටරයට අඩු නොවිය යුතුය.
x ඡුනතාව ගැවසෙන හෝ වාතාශ‍්‍රය හොදින් නොලැබෙන ආවරණය වූ ස්ථානවලට යාමෙන් වළකින්න.
x නිතර තත්පර 20ක් වත් ඔබගේ දෙඅත් සබන් යොදා හොඳින් සෝදන්න. සබන් සහ ඡුලය නොමැති නම් ඇල්කොහොල් අඩංගු විශබීඡු නාශක දියරයක් ඒ සඳහා භාවිතා කරන්න.
x ආසාදිත පුද්ගලයන් අසලට යාමෙන් වළකින්න.
x ගැබිණි සමයේ අනතුරු සං× ඔබට ඇතිවුව හොත් ප‍්‍රමාද නොවී රෝහලක් වෙත යන්න.
x ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය සමග සම්බන්‍ධවී ලබාදෙන උපදෙස් වලට අනුව මාතෘ සංරඏණ සේවා ලබා ගන්න.
x ඔබගේ සෞඛ්‍යය හෝ කොවිඞ්-19 සම්බන්‍ධයෙන් ගැටළුවක් තිබේ නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය හෝ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයකු අමතන්න. පැය 24 පුරා ක‍්‍රියාත්මක සුවසැරිය සේවයද 1999 හරහා ඇමතිය හැක.
 
කොවිඞ්-19 පැතිරෙන කාලය තුළ මාගේ සායනයට හෝ රෝහලකට හෝ වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානයකට යාම ආරඏා සහිතද?
 
සෞඛ්‍යාරඏිත ක‍්‍රම උපරිමව භාවිතා කරන ලෙස සියළුම සෞඛ්‍ය ආයතන වලට උපදෙස් ලබා දී ඇත. ඔබට අනතුරු සං× ඇතිවූ අවස්ථාවක රෝහලට යාමට ප‍්‍රමාද කිරීම මඟින් හානි සිදුවිය හැකිය. කොවිඞ් 19 පැතිරෙන කාලය තුළදීද ඔබගේ සෞඛ්‍ය ආරඏාව උදෙසා පූර්ව ප‍්‍රසූත හා අනෙකුත් සෞඛ්‍ය සේවා දිගටම ලබාගැනීම වැදගත්වේ. එබඳු ස්ථාන වෙත යාමේදී සහ මධ්‍යස්ථාන තුළදීද සියළු සෞඛ්‍යාරඏිත ක‍්‍රම භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.
 
වසංගත කාලය තුළ බිය, අවිනිශ්චිත බව, ආතතිය, සාංකාව වැනි හැඟීම් ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?
 
කොවිඞ්-19 නිසා සමහර ගැබිණි මව්වරුන්ට බිය, අවිනිශ්චිත බව, ආතතිය, සාංකාව වැනි ගැටළු ඇතිවිය හැකිය. මේවා වළක්වා ගැනීම සඳහා පවුලේ සාමාඡුිකයන් සමඟ ගෘහස්ත ක‍්‍රියාකාරකම් වල නිරත වීම, ළමුන් සමඟ ක‍්‍රිඩා කිරීම හෝ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට හවුල් වීම, ගෙවතු වගාව, ඔබ කැමති කටයුතු වල නිරත වීම, සතිමත්භාවය, භාවනාව වැනි දෑ උපකාරී විය හැකිය.
 
ගර්භණී කාලය තුළ කොවිඞ්-19 එන්නත ලබා ගැනීම ආරඏිතද?
 
එන්නත මඟින් දරුණු ආසාදන සහ මරණ වළක්වා ගැනීමට උපකාරීවේ. එන්නත ලබා ගැනීම මඟින් වැදෑමහ සහ මව්කිරි හරහා ආරඏිත ප‍්‍රතිදේහ දරුවාට ලැබේ. මෙම ප‍්‍රතිදේහ මඟින් දරුවාට කොවිඞ් 19 වැළඳීමේ අවදානම අඩුකරයි.
 
කොවිඞ්-19 එන්නත ගැනීම නිසා දරුවාට හානියක් සිදුවිය හැකිද?
 
ශී‍්‍ර ලංකාව තුල මේ දක්වා එන්නත් ගත් ගර්භණී මව්වරුන් දසදහස් සංඛ්‍යාත පිරිස් අතරින් මවට හෝ දරුවාට එන්නත් නිසා තදබල සංකූලතා ඇති වූ බවට වාර්තා වී නොමැත.
 
කොවිඞ්-19 එන්නත නිසා කොවිඞ්-19 වැළඳිය හැකිද?
 
කොවිඞ් 19 එන්නත නිසා කොවිඞ් 19 වැළඳිය නොහැක.
 
කොවිඞ්-19 එන්නත ගත් පසු සෞඛ්‍යාරඏිත ක‍්‍රම අනුගමනය කිරීම අවශ්‍යද?
 
එන්නතේ සම්පූර්ණ ආරඏාව ලැබීමට දෙවන මාත‍්‍රාවද ගෙන සති 2ක් වත් ගතවේ.
එමෙන්ම කිසිදු එන්නතක් 100% ඵලදායී නොවන නිසා ඉන් පසුවද සෞඛ්‍යාරඏිත ක‍්‍රම තරයේ පිළිපැදිය යුතු බව හොඳින් සිහි තබා ගන්න.
 
ගැබිණි මට කොවිඞ් වැළඳී තිබේදැයි සැකයක් පවතී නම් කුමක් සිදු කළ යුතුද?
 
ඔබ කොරෝනා වෛරසයට නිරාවරණය වුවා යැයි සැකයක් තිබේ නම් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගන්න. වැඩිදුර විස්තර සඳහා ඔබට 1999 අංකයද ඇමතිය හැකිය.
 
ගර්භණී මා හට කොවිඞ්-19 වැළඳුනහොත් කුමක් සිදුකළ යුතුද?
 
ඔබට කොවිඞ්-19 වැළඳී ඇතැයි හඳුනාගත හොත් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයකුගෙන් උපදෙස් ලබාගෙන පිළිපදින්න. 1904 අංකය යටතේ ලියාපදිංච් වන්න.
වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට හැර වෙනත් කිසිදු කරුණකට නිවසින් බැහැර නොයන්න. පොදු ප‍්‍රවාහන සේවා භාවිතා නොකරන්න.
ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, මහඡුන සෞඛ්‍ය පරීඏකතුමා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දුරකථනයෙන් දැනුම් දෙන්න.
නිවසේදී අන් අයගෙන් වෙන්ව සිටින්න.
නිවස තුල පවා මුව ආවරණයක් පළඳින්න.
ඔබගේ රෝග ලඏණ උග‍්‍ර වේ නම් හෝ හදිසි තත්‍වයක් යැයි ඔබට හැෙඟ් නම් වහාම රෝහලකට යන්න.
 
මා හට කොවිඞ්-19 වැළඳුන හොත් නිවෙස්ගත සංරඏණය ලබාගත හැකිද?
 
ඔබගේ වෛද්‍යමය, ප‍්‍රසව හා අනෙකුත් තත්‍වයන් සැලකිල්ලට ගෙන ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යතුමා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා විසින් එය තීරණය කරනු ඇත.
 
කොවිඞ්-19 වැළඳුන හොත් මව්කිරි දිය හැකිද?
 
මව්කිරි හරහා දරුවාට කොවිඞ් 19 නොවැළඳෙන හෙයින් ඔබට මව්කිර දිය හැකිය. එහෙත් දරුවා ඇල්ලීමේදී ඔබ මුව ආවරණයක් පැළදීම, නිතර දෑත් සේදීම වැනි සෞඛ්‍යාරඏිත ක‍්‍රම අනුගමනය කළ යුතුය.
 
මව්කිරි දෙන සමය තුළ මට කොවිඞ්-19 එන්නත ලබාගත හැකිද?
 
ඔබට එන්නත ලබාගත හැකි අතර කිසිසේත් මව්කිරි දීම නැවැත්වීම අවශ්‍ය නොවේ. ඔබට  ඕනෑම එන්නත් වර්ගයක් ලබා ගැනීමේ හැකියාව ඇත.