සායනික විගණනය අර්ථ දක්වනු ලබන්නේ රෝගී සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීම උදෙසා පැහැදිලි නිර්නායක හා සැසැඳීම තුලින් සිදුකරන ක්‍රමාණුකූල සමාලෝචනයක් මගින් වෙනස්කම් ‍සිදුකිරීමේ ක්‍රියාවලියක් ලෙසිනි.

ආයතනය තුළ වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන අංශයන් හඳුනා ගැනීමටත් සිදුකරන ලද වෙනස්කම් තුළින් පද්ධතියේ දෘශ්‍යමාන වැඩි දියුණු වීම් සිදුවී ඇත්දැයි පරික්ෂා කිරීමටත් මූලික දත්ත සමග කාර්ය සාධන වාර්තා සංසන්දනය කිරීමටත් කාර්ය සාධන දත්ත විශ්ලේෂණ කිරීමටත් සායනික විගණනය ඉවහල් වේ.

සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ සහ සෞඛ්‍ය ආයතන තුළ සිදුකරනු ලබන සායනික විගණන සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සායනික විගණන වැඩමුඵ පවත්වනු ලබයි.