සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින්, රේඛීය අමාත්‍යාංශය (කාර්තුවකට වරක්) සහ පළාත් අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් වල වසරකට දෙවරක් ( මූලික රෝහල් B කාණ්ඩය සහ ඉන් ඉහළ රෝහල්) සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ කාර්ය සාධන සමාලෝචන රැස්වීමක් පවත්වනු ලැබේ.

සෑම ආයතනයකින්ම තත්ත්ව කළමනාකරණ කණ්ඩායම විසින් සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ කාර්ය සාධනය නියමිත දිනයේ දී ඉදිරිපත් කරයි. මෙම සමාලෝචන රැස්වීම් රෝහල් අතර අත්දැකීම් සහ යහ භාවිතයන් බෙදා ගැනීම සඳහා වන මනා වේදිකාවක් ලෙස සැලකිය හැකිය.

මේ සඳහා සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් නියම කරන ලද ආකෘතියක් ඇති අතර එයට ගුණාත්මකභාවය සම්බන්ධ දර්ශක, සායනික දර්ශක, ක්ෂුද්‍රජීව විද්‍යාත්මක දර්ශක සහ රෝහල් සංඛ්‍යාලේඛන ආශ්‍රිත දර්ශක ද ඇතුළත් වේ. ගුණාත්මකභාවය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ මනා අවබෝධයක් ආයතනයට ලබා ගත හැකි අතර අනෙක් ආයතනවල පවත්නා යහ භාවිතයන් මගින් ඉගෙනීම ද මෙම කාර්ය සාධන ඇගයීම මගින් සිදුවේ. එමෙන්ම මෙම සමාලෝචන රැස්වීම සඳහා සහභාගී වන විශේෂඥ කමිටුව මගින් සෑම සෞඛ්‍ය සේවා ආයතනයකටම ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ප්‍රතිපෝෂණ ඇගයීමක් ලබා දෙයි. සෞඛ්‍ය ව්‍යාපෘතියට ඇති ණය ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දත්ත එකතු කිරීම, වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති අතර රෝහල්වල ගුණාත්මකභාවය පිලිබඳ කාර්ය සාධන ඇගයීමේ මෙවලමක් (QPET) සංවර්ධනය කිරීම ද මීට ඇතුළත්ය.