රෝගීන් වෙත සෘජු පිරිවැයකින් තොරව, ලාභදායි ලෙස සෞඛ්‍ය සේවාවක් සැපයීම පිළිබඳව ශ්‍රී ලංකාව ලොව සුවිශේෂී ස්ථානයක සිටී. ශ්‍රී ලංකාවෙහි, මාතෘ මරණ අනුපාතය, නවජ මරණ අනුපාතය, උපතේදී ආයු අපේක්ෂාව සහ තවත් බොහෝ සෞඛ්‍ය දර්ශක සංවර්ධිත රටවල් හා සමාන ලෙස සැසඳිය හැකිය. සෞඛ්‍ය දර්ශක අනුව, ශ්‍රී ලංකාව කලාපයේ හොඳම රටක් ලෙස ප්‍රසිද්ධ වුවද, සෞඛ්‍ය සේවා සැපයීමේදී, විශේෂයෙන්ම රෝහල්වල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා බොහෝ දේ සිදු කළ යුතුව ඇත.

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් වෛද්‍ය විද්‍යාව, ශල්‍යකර්ම, ළමා රෝග සහ ප්‍රසව හා නාරිවේදය යන ප්‍රධාන විශේෂඥ ක්ෂේත්‍ර හතර සඳහා සායනික දර්ශක අදාළ විද්‍යාර්ථ සංගම් සමඟ සහයෝගයෙන් සකස් කර ඇත. මෙම දර්ශක සකස් කිරීම සඳහා එක් එක් සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් උපදේශන රැස්වීම් කිහිපයක් පවත්වන ලදී.

එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් සඳහා සායනික දර්ශක පහක් බැගින් සකස් කර ඇති අතර, සෞඛ්‍යාරක්ෂණ, ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පවත්වනු ලබන කාර්තුමය කාර්ය සාධන සමාලෝචන රැස්වීම් වලදී සත්කාරයේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා මෙම දර්ශක උපයෝගී කරගනු ලැබේ.

කායික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය සඳහා සායනික දර්ශක.

  • හෘදයාබාධයක් සමගින් (STEMI) රෝහල්ගතවන රෝගීන් හට විනාඩි 30 ක් තුලදී ප්‍රති කැටිකාරක ඖෂධ ලබාදුන් හෝ විනාඩි 90 ක් ඇතුලත දී ප්‍රාථමික කිරීටක ප්‍රතිකර්මයකට භාජනයකළ ප්‍රතිශතය.
  • වෛද්‍ය සායනවලට සහභාගී වන දියවැඩියා රෝගීන්ගෙන් අවම වශයෙන් මාස දෙකකට වරක් නිරාහාර රුධිර සීනි සාන්ද්‍රණය (FBS) මැනීම හෝ හිමොග්ලොබින් සීනි මට්ටම (HbA1C) අවම වශයෙන් මාස 6 කට වරක් මැනීම සිදු කල ප්‍රතිශතය සහ FBS <126mg/dl="" hbA1c<7
  • හෘද රෝග අවදානම් සහිත රෝගීන් ගේ රුධිර පීඩනය <140/90mmhg=""
  • රෝගියාට නියමිත ඖෂධ ලබාදීමේ ක්‍රියාවලිය තුල සිදුවූ දෝෂවල ප්‍රතිශතය (එනම්, ඖෂධ නියම කිරීම, නියම කල ඖෂධ හඳුනාගැනීම , ඖෂධ නිකුත් කිරීම , රෝගියා වෙත ඖෂධ ලබා දීම සහ ඖෂධ හා සම්බන්ධ සංකුලතා හඳුනාගැනීම).
  • වෛද්‍යවරයකු විසින් ඇදුම රෝගය ඇති බවට විනිශ්චය කල රෝගීන් අතුරින් බාහිර රෝගී අංශය / හදිසි ප්‍රතිකාර ඒකකය / ප්‍රාථමික ප්‍රතිකාර ඒකක යන අංශ වලින් දුම් ඇල්ලීම (Nebulization) ප්‍රතිකාරය ලබාගත් රෝගීන්ගේ ප්‍රතිශතය.

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා සායනික දර්ශක

  • දින නියමකරගත් සැත්කම් කල් දැමීමේ අනුපාතය
  • නම් කරන ලද සැත්කම් කිහිපයක් සඳහා පොරොත්තු ලේඛනයෙහි රැඳී සිටිය යුතු කාලය. මෙය පිළිකා සහ පිළිකා නොවන සැත්කම් ලෙස කොටස් දෙකකට බෙදා ඇත.
  • ශල්‍ය සුරක්ෂිත පිරික්සුම් ලැයිස්තුව' භාවිතා කරමින් ශල්‍ය පහසුකම්වල ප්‍රතිශතය මැන බැලීම.
  • සැත්කම් තුවාල අසාදනය වීමේ ප්‍රමාණය.
  • නම් කරන ලද සාමාන්‍ය සැත්කම් කිහිපයක් සඳහා රෝහල් ගතවී සිටිය යුතු දින ගණන (උදා: උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය , හර්නියා සැත්කම් , දියවැඩියා රෝගීන්ගේ සුව නොවන තුවාල සහිත පාද කපා ඉවත් කිරීමේ සැත්කම්)

ළමා රෝග පිළිබඳ සායනික දර්ශක

  • නව ජන්ම ඒකකයට ඇතුළත් වීමේ දී අඩු ශරීර උෂ්ණත්වය (හයිපොතර්මියාව) සටහන් වූ බිළිඳුන් ගණන, මෙය එක් රෝහලකින් තවත් රෝහලකට (පිටත උපත ලැබූ ළදරුවන්) හෝ මාතෘ ඒකකයේ සිට එම රෝහලේම නව ජන්ම ඒකකයට (එම රෝහලේම උපත ලැබූ ළදරුවන්) මාරු කිරීමේදී විය හැකිය..
  • වයස අවුරුදු 1 ට අඩු බ්රෝන්කියෝලිටිස් රෝගී තත්වය සහිත ළදරුවන් ශ්වසන අපහසුතා හේතුවෙන් නැවත රෝහල් ගතකිරීමට සිදුවූ අවස්ථා ගණන.
  • ළමා රෝග වාට්ටුවෙන් පිට වී දින 14ක් ඇතුලතදී නැවත රෝහල්ගත වීමට සිදුවූ රෝගීන් ගණන.
  • ඩෙංගු රක්තපාත උණ රෝගයේ මරණ අනුපාතය.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ සායනික දර්ශක

  • ශ්‍රම ප්‍රේරණ අනුපාතය.
  • එපිසියෝටෝමි අනුපාතය.
  • සිසේරියන් සැත්කම් අනුපාතය.
  • ප්‍රසවදර්ශක (Partogram) නිසි ලෙස භාවිතා කිරීම
  • ප්‍රධාන නාරිවේද සැත්කම් සඳහා සාමාන්‍ය පොරොත්තු කාලය

සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මේ වන විට ප්‍රධාන විශේෂඥ ක්ෂේත්‍ර හතර සඳහා ඇති සායනික දර්ශක සංශෝධනය කරමින් සිටී . මේ සඳහා ශල්‍ය වෛද්‍ය , ළමා රෝග සහ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මූලික උපදේශන රැස්වීම් පවත්වන ලදී.