සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මකභාවය සහ රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ මූලික ක්‍රමය වන්නේ අන්‍යෝන්‍ය ඉගෙනීමයි. මේ සඳහා රෝගීන්, සෞඛ්‍ය සේවකයින්, සෞඛ්‍ය පරිපාලකයින්, රේඛීය අමාත්‍යාංශයේ / පළාත් අමාත්‍යාංශ වල සහ විශේෂ වැඩසටහන් වල ප්‍රතිපත්ති සම්පාදකයින්, සම්බන්ධවී කටයුතු කිරීම අවශ්‍ය වේ.

සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හෝ රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා රෝහල්වල හෝ වෙනත් සෞඛ්‍ය සේවා සැකසුම් තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂිත මෙවලම්, පිරික්සුම් ලැයිස්තුව සහ භාවිතයන් මෙම අවකාශය භාවිතයෙන් බෙදා හැරිය හැකිය. සෞඛ්‍ය ආයතනවලට සාර්ථක මැදිහත්වීම් වලින් ඉගෙන ගත හැකි අතර අවශ්‍ය වෙනස් කිරීම් සහිතව තමන්ගේ ආයතන වැඩිදියුණු කරගත හැකිය.

සෞඛ්‍ය සේවකයින් සහ රෝගියාගේ ආරක්ෂාව සහතික කරන හොඳම භාවිතයන් බෙදා ගැනීම - 2020 ලෝක රෝගී සුරක්ෂිතතා දිනය

සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහ රෝගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සෞඛ්‍ය ආයතන විසින් නිර්මාණය කරන ලද හොඳම භාවිතයන් පිළිබඳ ලිවීමට සෞඛ්‍ය සේවා ආයතනවලට ආරාධනා කරන ලදී. සෞඛ්‍යාරක්ෂන ගුණාත්මක හා සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලයට හොඳම භාවිතයන් පිළිබඳ විස්තර 134 ක් (රේඛීය අමාත්‍යාංශය - 80, පළාත - 54) ලැබී තිබුණි.සෑම ලිවීමක්ම විශේෂඥ මණ්ඩලයක් විසින් සමාලෝචනය කරන ලද අතර නිර්ණායක මත පදනම්ව හොඳම භාවිතයන් විස්සක් (20) කෙටි ලැයිස්තු ගත කරන ලදී. තෝරාගත් ව්‍යාපෘති 20 මාර්ගගත වේදිකාව හරහා වාචික ඉදිරිපත් කිරීම් ලෙස ඉදිරිපත් කරන ලදී. බාහිර විද්වත් මණ්ඩලයක් විසින් මේවා සමාලෝචනය කරන ලදී.

රෝගී සුරක්ෂීතතා දින සැමරුම් ජාතික උත්සවයට ඉදිරිපත් කිරීම සඳහා හොඳම භාවිතයන් 5 බැගින් තෝරා ගන්නා ලදී.